දිවයිනේ සියලුම ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය

මැයි 13, 2019

    වහාම ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රී 9.00 සිට දිවයිනේ සියලුම ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවේ.

    එය හෙට උදෑසන 04.00ට ඉවත් කරන බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. මේ අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ පොලිස් කොට්ඨාසයට පැනවූ ඇඳිරි නීතිය දොම්පේ, ගම්පහ, මිනුවන්ගොඩ, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වීරඟුල, වැලිවේරිය, පල්ලේවෙල යන ප්‍රදේශවලට මේ වනවිටත් ක්‍රියාත්මකවේ. එය හෙට උදේ 06.00ට ඉවත් කෙරේ.

    Last modified on සදුදා, 13 මැයි 2019 20:08

    Latest News