ෂරියා නීතිය, මද්‍රසා පාසල්, ගෙනාවේ මහින්ද......ගෝලිය සහයත් ලැබුණා... ඇමති කිරිඇල්ල

මැයි 12, 2019

    ගෝලීය ත්‍රස්තවාදය වැළැක්වීමට විපක්ෂ නායක මහින්ද රජපක්ෂ මහතාගේ පාර්ශවයට කිසිදු අවශ්‍යතාවක් නැති බව ඔහුගේ ක්‍රියා කලාපයෙන් පෙනි යන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    විපක්ෂ නායක විසින් ගෝලිය ත්‍රස්තවාදය නැති කිරිමට නව නව නීති රීති හා අණ පනත් ගෙන ඒමට ඉඩ දෙන්නේ නැති යැයි පවසන්නේ එබැවින් යැයි කිරිඇල්ල මහතා නිකුත් නිකුත්ක කරමින්ළ කියා සිටි.  

    ශරියා නීති රීති ගැසට් කිරිම, මඩකලපු විශ්ව විද්‍යාලය සඳහා අවසර දීම, අන්තවාදය වපුරවන පාසැල් පිහිටුවීමට පසුබිම සකස් වැනි ප්‍රබල කාරණාවන් මහින්ද රාජපක්ෂ මහතා ජනපතිව සිටි සමයේ සිදුවු බව ඇමති කිරිඇල්ල සිය නිවේදනයෙන් අවධාරනය කරයි. එවැනි ප්‍රබලා කාරණාවන් රට තුළ බිහිවන්නට අවස්ථාව සැලසීමට ඔහුට හේතු පවතින්නට ඇති බවත් ඊට ගෝලීය සහයෝගය ලැබෙන්නට ඇති බවත් එම නිවේදනයේ දැක්වේ. 

    නිකුත් කළ නිවේදනය

    විපක්‍ෂ නායක මහින්ද රජපක්‍ෂ මහතා ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව විවිධ අදහස් පළ කරන්නට පටන් ගෙන තිබේ. මුලින් ම එතුමා පැවසූයේ ප්‍රතිත්‍රස්ත පනත සහන පැකේජයක් බවය. පසුගිය 07 වන දා එතුමා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේ පාර්ලිමේන්තු කමිටුවක් පත් කොට ඒ ඔස්සේ ප්‍රතිත්‍රස්ත පනතෙහි කටයුතු කළ යුතු බවය. ඊටත් සුළු වෙලාවකට පසු පනත පිළිබඳව අගමැතිතුමා සමග සාකච්ඡා පැවැත්වීමට ද එකඟ විය. දැන් එතුමා අලූතින් ම පවසන්නේ ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒමට ඉඩ දෙන්නේම නැත කියාය.ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව තුල මුල් වරට පනතක් සම්මත කර ගැනුණේ 1979 වසරේ දී ය. ඒ සඳහා පදනම් කරගත්තේ උතුරු අයර්ලන්ත ත්‍රස්තවාදය මැඬපැවැත්වීම සඳහා 1974 වසරේ දී එක්සත් රාජධානිය සම්මත කරගත් පනතය.

    ගෝලීය ත්‍රස්තවාදයේ බලපෑමට ඔරොත්තු දීම උදෙසා එක්සත් රාජධානියේ පනත අවස්ථා දහයකදී යවත්කාලීන කෙරිණි. 2000 වසරේදී ස්ථාවර ත්‍රස්ත පනතක් ගෙන ආ අතර, අමෙරිකාවේ 9.11 ප්‍රහාරයෙන් පසු 2001 වසරේදී ප්‍රතිත්‍රස්ත, අපරාධ හා ආරක්‍ෂක පනතක් සම්මත කර ගැනිණි. 2005 ලන්ඩන් බෝම්බ සිද්ධියෙන් පසු 2006 වසරේදී නව ත්‍රස්ත පනතක් ක්‍රියාවට නැංවිණි. ගෝලීය තලයකට ත්‍රස්තවාදය ව්‍යාප්තවීමත් සමග එක්සත් රාජධානිය පමණක් නොව ලෝකයේ බොහෝ රටවල් ඊට සරිලන අයුරින් තම රටවල නීති රීති වෙනස් කරලීමට පියවර ගත්තේ තම රටවල ජනතා ආරක්‍ෂාව තම තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රවලට යට නොකරමිනි.

    නමුත් මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් උත්සාහ කරන්නේ 1979 වසරේ දේශීය ත්‍රස්තවාදය සඳහා සැකසුණු පනතකින් ගෝලීය ත්‍රස්තවාදය මැඬ පැවැත්විය හැකි බවට මතයක් රෝපණය කිරීමටය. දැනට පවත්නා පනත යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පියවර ගත හැකි බව පෙන්වා දීමටය.

    මෙහිදී එක් අතෙකින් රාජපක්‍ෂ මහතා අපේ පොලීසිය සහ ආරක්‍ෂක හමුදා වෙත ව්‍යංගයෙන් බරපතල චෝදනාවක් එල්ල කරයි. දැනට පවත්නා පනත යටතේ ගෝලීය ත්‍රස්තවාදීන්ට දඬුවම් ලබා දිය හැකි නම් අයිඑස්අයිඑස් සංවිධානය හා සම්බන්ධ වී මෙරටට පැමිණි අය අත්අඩංගුවට ගෙන දඬුවම් ලබා දීම පොලීසිය හා ආරක්‍ෂක අංශ මඟ හැර ඇති බව ඒ චෝදනාවයි. අනෙක් අතෙකින් රාජපක්‍ෂ මහතා පෙන්නුම් කරන්නේ ගෝලීය ත්‍රස්තවාදය වැළැක්වීමට ඔහුගේ පාර්ශවයට අවශ්‍යතාවක් නැති බවය. නව නීති රීති හා අණ පනත් ගෙන ඒමට ඉඩ දෙන්නේම නැති යැයි පවසන්නේ එබැවිනි.

    ශරියා නීති රීති ගැසට් කළේ රාජපක්‍ෂ මහතා විසිනි. මඩකලපු විශ්ව විද්‍යාලය සඳහා අවසර දුන්නේ රාජපක්‍ෂ මහතා විසිනි. අන්තවාදය වපුරවන පාසැල් ඉවක් බවක් නැතිව පිහිටුවීමට පසුබිම සකස් කර දුන්නේ ද රාජපක්‍ෂ මහතා විසිනි. ඒවා සිදු කිරීමට රාජපක්‍ෂ මහතාට යම් යම් හේතු තිබෙන්නට ඇත. ගෝලීය සහයෝගයද ඒ සඳහා එතුමාට ලැබෙන්නට ඇත. ගෝලීය ත්‍රස්තවාදය වැළැක්වීමේ ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒමට එතුමා විරුද්ධ වෙන්නේත් පෙර කී හේතු නිසා ම බවට සැකයක් මහජනතාව තුල ඇතිවීම වැළැක්විය නොහැකිය.

    Latest News