"රන් මාවත වැඩසටහන" හෙට රත්නපුරේදී...සමාරම්භය අගමැති සුරතින්

මැයි 11, 2019

    මහාමාර්ග හා මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ සංකල්පයකට අනුව "හදවත යා කෙරෙන රන් මාවත් වැඩසටහන" දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.

    එහි සමාරම්භක උත්සවය 2019 මැයි 12 දින රත්නපුර දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ඒ යටතේ රත්නපුර මුද්දුව-දෙමුවාවත පාලම විවෘත කිරීම හා මල්වල හංදියේදී මල්වල - ශ්‍රී පලාබද්වල මාර්ගයේ වැඩ ආරම්භ කිරීමට නියමිතය.

    මීට සමගාමීව දිවයින පුරා මැතිවරණ කොට්ඨාස 160ක අදාළ ප්‍රදේශවල දේශපාලන නායකයන්ගේ ප්‍රධානත්වයෙන් රන් මාවත් වැඩසටහන යටතේ කාපට් ඇතිරීම, කොන්ක්‍රීට් ඇතිරීම, කුට්ටිගල් ඇතිරීම ඇතුළු මාර්ග රැසක් සංවර්ධනය කිරීමට නියමිතය.

    Latest News