ත්‍රස්තවාදීන්ට බැරිවු දෙය විපක්ෂ මන්ත්‍රීවරුන් කරන්න උත්සහයක..... පා.ම. හේෂා විතාණ

මැයි 11, 2019

    ඡනාධිපති සහ අගමැති වරයාත් රඡයක් ලෙස රට තුල ඇතිවු තත්වය සම්පුර්ණයෙන්ම නිම කිරිමට අවශ්‍ය පියවර සියලල්ම ගෙන තිබියදී ත්‍රස්තවාදින්ටවත් නතර කිරිමට නොහැකි වු රට නතර කර දැමීමේ අරමුණින් විපක්ෂයේ මන්ත්‍රිවරුන් ප්‍රකාශ නිකුත් කරණ බවත් ඵය සිදු කල නොකල යුක්තක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි. 

    ඔහු මෙම අදහස් පලකලේ ගොඩකවෙල රිදීවිට ඵපිටපැත්ත ගම්මානයේ සැමට සෙවණ උදාගම්මාන වැඩසටහන යටතේ ඉදිකිරීමට යෝඡිත නිවාස සදහා මුලුගල් තැබීමේ අවස්ථාවට ඵක්වෙමිණි.

    ඡාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමණාකරු විමල විර මහතාගේ සහභාගිත්වයෙන් නිවාස 30 ක් සදහා මුල්ගල් තැබිම අද (11) සිදුවුණි. නිවාස අධිකාරිය යටතේ මේ සදහා රඡය වැය කරණ මුදල ලක්ෂ 150 කි

    පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ “ඡනාධීපතිතුමාත්, අගමැතිතුමාත් රඡයක් ලෙස රට තුල ඇතිවු තත්වය සම්පුර්ණයෙන් ම නිම කිරිමට අවශ්‍ය පියවර සියලල්ම ගෙන ඇති බවත් ආරක්ෂක අංශ වලට උපදෙස් ලබා දි අවශ්‍ය බලය ඔහුන්ට පවරා ඇති බවත් රට සාමාන්‍ය තත්වයට පත් කිරිම මේ වන විට සිදුකර ඇති තිබෙනවා. නමුත් විපක්ෂයේ මන්ත්‍රිවරුන් ත්‍රස්තවාදින්ටවත් නතර කිරිමට නොහැකි වු රට නතර කර දැමීමේ අරමුණින් ප්‍රකාශ නිකුත් කරණ බවත් ඵය සිදු කල නොකල යුක්තක්. කාන්තාවන් ආරක්ෂා කරන්න කඩු අවශ්‍ය නොවන බවත් රටේ පවතිණ පොදු නිතිය සැමට සමාන විය යුතු බවත්“ ඔහු කියා සිටියේය.

     

     

     

     

     

     

    Latest News