කතෝලික පාසල් 14 පටන් ගන්න සුදානම්...... ආරක්‍ෂාව තහවුරුව අවශ්‍යයි..... කාදිනල් හිමියෝ කියයි

මැයි 09, 2019

    කතෝලික පෞද්ගලික පාසල් දෙවන වාරය සඳහා 14වන දා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

    පාසල්වල ආරක්ෂාව තහුරුවි ඇති බවට ආරක්ෂක අංශ විසින් දෙනු ලබන සහතිකය අනුව එය සිදුවන බවත් අගරදගුරු හිමියන් කියා සිටියේය.

    අද(09) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව සඳහන් කළේය.

    මේ අතර තවදුටත් කාදිනල් හිමිපාණන් කියා සිටියේ රට තුළ යම් සිද්ධියක් ඇතිවුවහොත් කතෝලික පෞද්ගලික පාසල්වල දෙවන වාරය ආරම්භ කිරිම වෙසක් පොහොය දිනයෙන් පසුව විය හැකි බවයි.

    රටේ ආරක්ෂාව තහවුරු වුවහොත් සියලුම දෙවස්ථානවල ඉරිදින දේව මෙහෙයන් පවත් වන බව කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේය. මේ අතර මීගමුව කටුවාපිටිය දෙවස්ථානයට පාස්කු ඉරුරින එල්ලවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ප්‍රථම දේව මෙහෙය අද පසවරු 5.00 පැවැත්වීමට නියමිතයි.

     

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 09 මැයි 2019 18:00

    Latest News