කොච්චිකඩේදී පුපුරවා හැරි වෑන් රථය.... කිංස්බරි බෝම්බකරුගේ

මැයි 09, 2019

    පසුගිය දා කොච්චිකඩේ, දේවස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීමට බෝම්බකරු පැමිණ ඇත්තේ කිංස්බරි හෝටලයට ප්‍රහාර එල්ල කළ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක්ට අයත් වාහනයකින් බව හෙළිවී ඇත.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් රහස් පොලිසිය එම දැනුම්දීම සිදු කර තිබේ.

    කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලව්දීන් අහ්මඩ් නම් තැනැත්තා දේවස්ථානයට ආසන්නයේ මෙම වෑන් රථය නවතා යන බව රහස් පොලිසිය එම වාර්තාව මගින් සඳහන් කර තිබේ. CCTV දර්ශනවලින් එය තහවුරු වන බව පොලිසිය අධිකරණයට දන්වා ඇත.

    ඒ අනුව පසු දා පුපුරුවා හරින ලදී. එම වාහනයෙන් ලබා ගත් කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබාගන්නා ලෙස පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එම පරීක්ෂණවල ප්‍රගතිය ලබන 23 දා වාර්තා කරන ලෙස ද නියෝග කර ඇත.

    Latest News