රයන් වෑන් රූයන් නිදහස්

මැයි 09, 2019

    රක්ෂිත බන්ධනාගාර ගතව සිටි රංගන ශිල්පී රයන් වෑන් රූයන්ට රුපියල් 4000ක දඩයක් ගෙවීමට නියම කර මුදා හැරේ.

    ගංජා ප්‍රවාහනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රංගන ශිල්පී රයන් වෑන් රූයන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණ. අද(09) මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 4000ක දඩයක් ගෙවීමට නියම කර නිදහස් කළ බව වාර්තාවේ.

    පසුගිය දා ඩුබායිහී සිට මෙරටට පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වෑන් රූයන් අ‍ප්‍රේල් 25 දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 මැයි 2019 12:21

    Latest News