වෙසක් දිනය ගැන රජයේ තිරණය ප්‍රකාශයට

මැයි 08, 2019

    ගාල්ල, තෙල්වත්ත, තොටගමුව රන්පත් රජ මහා විහාරස්ථානයේදී මෙවර රාජ්‍ය වෙසක් උත්සවය දින දෙකකට සීමා කිරීමට රජය තීරණය කර තිබේ. බෞද්ධ උපදේශක සභාවේ පැවති සාකච්ඡාවකට අනුව මෙම තීරණය ගෙන ඇත.

    ප‍්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සමරන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා පවසයි. ප‍්‍රදර්ශන කුටි ද ඊට ඇතුළත් නොවන ඔහු ප්‍රකාශ කළේය. වෙසක් දින සැමරුවට ජනතාවගේ දායකත්වයක් අපේක්‍ෂා කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.

    මෙවර වෙසක් පුන් පොහෝ දිනයේදී අධ්‍යාත්මික පෝෂණය උදෙසා ප‍්‍රමුඛතාවය ලබාදෙමින් කටයුතු කරණ ලෙස අස්ගිරි, මල්වතු පාර්ශ්ව මෙන්ම අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන්හි මහා නාහිමිවරුන්ද ඉල්ලා සිටිති.

    Latest News