සංචාරක කර්මාන්තයට බදු සහන.... ණය පොලි වාරිකයටත් සහන... රාජ්‍ය ඇමති ඉරාන් (වීඩියෝ)

මැයි 07, 2019

    ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා, විශේෂ සහන පැකේජයක් හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබේ.

    පසුගියදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් සංචාරකයින්ගේ පැමිණිමේ යම් අඩුවක් දක්නට ලැබිණ. ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ අද පැවිත මාධ්‍ය හමුවකදී කරුණු පැහැදිළි කළ, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා....

    “ 2014 ඉඳලා 2018 වෙනකොට සංචාරකයින් ලංකාවට පැමිණිම ලක්‍ෂ 10කින් පමණ වැඩිවුණා. ඒ වගේම රටට ලැබෙන ආදායම 2014 වෙනකොට ඩොලර් බිලියන 4.4කට ආසන්න වුණා. ඒක මේ අවුරුද්දෙත් සීග්‍ර ලෙස වැඩි කරන්න තමයි මේ සියලුම සැලසුම් තිබුණේ අවාසනාවන්ත සිද්ධිය වෙනකොට. අපි තීරණයක් ගත්තා මේ ණය ගෙවීම්වලට සහන කාලයක් ලබා දෙන්න. අපි ණය ගෙවීම් සහන කාලය 2020 මාර්තු මාසේ 31 වැනිදා වෙනකම් දිගුකරලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රාග්ධනයයි, පොලියයි ඒ අයට ඒ කාලය තුළ ගෙවන්න අවශ්‍යතාවක් නැහැ. ගෙවන්න තිබුණ පොලියයි, ප්‍රාග්ධනයයි එකතු කරලා ඒක වෙනම ණයක් හැටියට ලබන වසරේ ජුලි මාසයෙන් පස්සේ තමයි ඒක ගෙවන්න සිද්ධ වෙන්නේ. අපි දන්නවා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ යටතේ “ජය ඉසුරු“ කියලා ණය යෝජනා ක්‍රමයක් තියෙනවා. ශ්‍රීන් ලෝන් කියලා තව ණය යෝජනා ක්‍රමයක් තියෙනවා. ඒ ණය යෝජනා ක්‍රමය දැනටම ණය 517ක් දිලා තියෙනවා. සංචාරක ක්‍ෂෙත්‍රයට පමණක් රුපියල් බිලියන 15ක් දීලා තියෙනවා. මේ ණය ගෙවීම් සහන කාලයට ඒකත් එකතු කරගන්න පුලුවන්. ඒ වගේම 75%ක පොලී සහනාධාරයකුත් අපි ඒකට ලබාදෙනවා. අපි එකතු කළ අගය පිළිබඳ බද්ධ 5% දක්වා අඩුකරලා තියෙනවා මේ සංචාරක ව්‍යාපාරයේ හොටල්වලටයි, ඒක බලපානවා 2019 අප්‍රේල් මාසේ ඉඳලා 2020 මාර්තු මාසය වෙනකම් සම්පුර්ණයෙන්ම අවුරුද්දකට.“ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

    අමාත්‍ය ජෝන් අමරතුංග මහතා...
    “මේ සහන වැඩපිලිවෙල අතිශයින්ම අපේ හෝටල්කරුවන්ට, ගමන් කරුවන්ට, ඒ වගේම පොඩි පොඩි ව්‍යාපාරිකයන්ට හොටල් ක්‍ෂෙත්‍රයේ, සංචාරක ක්‍ෂෙත්‍රයේ බද්ද හැම කෙනෙකුටම ප්‍ර යෝජන ගන්න පුලුවන් විධියට තමයි මුදල් ඇමතිතුමා මේ වැඩපිළිවෙළ සකස් කරලා තියෙන්නේ. ඒ නිසා අපිට විශ්වාසයක් තියාගන්න පුලුවන් ඕක කෙටි කාලසීමාවක් තුළ මේ ක්‍ෂෙත්‍ර යේ නිරත වෙලා ඉන්න ව්‍යාපාරිකයින්ට ඔවුන්ට උවමනා කරන මුල්‍යමය ආධාර ලැබෙයි කියලා.“ යැයි ජෝන් අමරතුංග මහතා මෙහිදී පැවසීය

    Last modified on අඟහරුවාදා, 07 මැයි 2019 23:08

    Latest News