අන්තවාදී ක්‍රියාවන්ට අත්අඩංගුවට ගත් 04ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර

මැයි 07, 2019

    ඉස්ලාමීය අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සිව් දෙනෙකු දින 90ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අද අවසර ලබාදුන්නේය.

    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ සභික බජා මොහිදින් උස්මාන් ඇතුළු තිදෙනෙකු මේ අතරවේ.

    ජංගම දුරකතන සංඥා බාධක උපාංග හෙවත් ජෑමර් 06ක් සමඟ බස්නාහිර පළාත් සභාවේ හිටපු මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයෙකු මීගමුවේ දී අද අත්අඩංගුවට ගනු ලැබීය. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය පෝරුතොට ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ හදිසි සෝදිසියකදී පෝරුතොට ලාසරස් පාරේ පිහිටි ඔහුගේ නිවස පරීක්‍ෂා කිරීමේදී ජෑමර් යන්ත්‍ර 06 සමඟ පොලිස් අධිවේග මාපක සංඥා බාධක උපාංගයක් ද හමුවී තිබේ. මෙගා හර්ට්ස් 130 සිට 2,655 දක්වා තරංග පරාසය තුළ පැමිණෙන සංඥා මෙම උපාංගවලින් බාධා කළ හැකි බව හෙළිකර ගැණින.

    Security px 900 07 05 17
    මේ අතර, මීගමුව පෝරුතොට ඔස්සේ ගලා බසින හැමිල්ටන් ඇලේ තිබී උල් පිහි, කඩු ඇතුළු කැපෙන ආයුධ රැසක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්විය. ඒ, එහි කිමිදුම් කණ්ඩායම කළ සෝදිසියකදී. කඩු 06ක්, මන්නා පිහි 04ක්, කිනිසි 07ක් හා දැලි පිහියක් මේ අතර වේ.

    බුත්තල, පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා සමඟ එහි සේවය කරන මුස්ලිම් ජාතික සේවකයන් 13 දෙනෙකු ඊයේ රාත්‍රී රහසිගත සාකච්ජාවක් කළ බවට චෝදනා කරමින් එහි සේවකයන් දැඩි විරෝධතාවක නිරත වූහ. පොලිසිය එය සමතයකට පත්කිරීමට උත්සාහ කළ ද එය අසාර්ථකවීම හේතුවෙන් යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා රැගෙන යාමට පියවර ගත්තේය. ඉන් අනතුරුව, එම සීනි සමාගමට අයත් උක් වත්තක තිබී ගමන් කතන උපාංග කට්ටල 05ක්, ප්‍රභූ ආරක්‍ෂක ඇඳුම් කට්ටල 05ක්, සෝදිසි විදුලි පන්දම් දෙකක් හා අත්වැසුම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. ඒ, කුඹුක්කන යුද හමුදා කඳවුරේ නිලධාරින් හා පොලිස් විශේෂ කාර්ය බලකාය කළ සෝදිසියකදී.

    බේරුවල පොලිසිය කළ සෝදිසි මෙහෙයුමකදී කඩු 20ක් ඇතුළු උල් ආයුධ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ආයුධ විදෙස් රටවල නිෂ්පාදිත ඒවා බවයි පොලිසිය පවසන්නේ. ආයුධ තොගය කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 07 මැයි 2019 20:40

    Latest News