තඹ කම්හලේ 09 කට ඇප.....එක් අයෙක් 20 තෙක් රිමාන්ඩ් භාරයට

මැයි 06, 2019

    කිතුනු දේවස්ථාන හා සුපිරි හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර වලට සම්බන්ධ දැයි සොයා බැලීම සඳහා වැල්ලම්පිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි සැකකරුවන් 09 දෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.

    මෙහිදී රිමාන්ඩ් භාරයේ පසුවන මුස්ලිම් ජාතික සැකකරුවන් නව දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා කරුප්පයියා රාජේන්ද්‍රන් අබ්දුල්ලා නමැති සැකකරු පරීක්ෂණ වලට තවදුරටත් අවශ්‍ය බවට ප්‍රකාශ කරන හෙයින් ඔහු තවදුරටත් ලබන 20 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කර ඇත.


    වැල්ලම්පිටියේ පොලිසිය ඉකුත්දා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ කොළඹ shangarila හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සැකකරු සහ දෙමටගොඩ ප්‍රදේශයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මියගිය කාන්තාවන් දෙදෙනාට අයත් කර්මාන්තශාලාවක් වැල්ලම්පිටිය අවිස්සාවේල්ල පාරේ පවතින බවයි.

    මෙම සැකකරුවන් පිරිස එම කර්මාන්තශාලාවේ සේවය කර ඇති බවත් සඳහන් කළ පොලීසිය මොවුන් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ සැකකරුවන් සමග සම්බන්ධතා පවත්වමින් මෙම අපරාධයට දායක වී තිබේ ද යන්න සොයා බැලීම සඳහා මොවුන් අත්අඩංගුවට ගත් බව ද ප්‍රකාශ කළේය.

    රහස් පොලිසිය හා ත්‍රස්ත මර්ධන කොට්ටාශය සමග එක්ව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව මොවුන් අත්අඩංගුවට ගත් බවයි, පොලිසි කියා සිටියේ.

    Last modified on සදුදා, 06 මැයි 2019 14:15

    Latest News