පොලිස්පතිට හා හිටපු භාණ්ඩාගාර ලේකම්ට නොතිසී

මැයි 06, 2019

    පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු භාණ්ඩාගාර ලේකම් පී. බී. ජයසුන්දර සහ දූෂණ මර්දන කමිටුවේ අධ්‍යක්ෂවරයාට ලබන 13 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කෙරේ.

    මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, කොළඹ ත්‍රීපුද්ගල විශේෂ මහාධිකරණය විසින්.

    ඒ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ලවී සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවට අදාළව විත්තිය වෙනුවෙන් සාක්ෂි දීම සඳහායි.

    Latest News