කොටගල පාසලක් අසලින් වෙඩි බෙහෙත් හමුවේ

මැයි 06, 2019

    කොටගල සිංහල පාසල අසල කැලි කසල බැහර කරන ස්ථානයක තිබි වෙඩි බෙහෙත් කිලෝ 1 ක් සොයාගැනේ.

    නිවාස පරික්ෂා කරන නිසා කිසියම් පිරිසක් වෙඩි බෙහෙත් ගෙනවිත් දමන්නට ඇති බව දිඹුල පොලිසිය සැක කරයි.

    මෙම පාසල නුවරඑලිය කලාපයේ අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසලකි.

    සිරි පැරකුම් සිංහල විදුහල සහ අවට පරිසරයට පිවිසෙන මාර්ගය ප්‍රදේශවාසින් විසින් පවිත්‍ර කරන අවස්ථාවේ කසල ගොඩේ තිබි මෙම වෙඩි බෙහෙත් හමු වී තිබේ.

    සිරි පැරකුම් විද්‍යාලය ආසන්නයේ කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා ගබඩා සංකිර්ණය ද පිහිටා ඇත.

    කැලි කසල ගොඩේ තිබී හමු වු වෙඩි බෙහෙත් ගල් කොරිවල භාවිතයට ගන්නා වෙඩි බෙහෙත් බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන දිඹුල පොලිසිය පවසයි.

     

    kotagala 2 px 900 19 06 0

     

    kotagala 2 px 900 19 06 0

     

    kotagala 2 px 900 19 06 0

    Latest News