කඩු බාර දෙන්න තිබු කාලය තවත් පැය 48 කින් ඉදිරියට

මැයි 06, 2019

    නීති විරෝධී කඩු, කිනිසි හා උල් පිහි ආදිය පොලිස් ස්ථානය වෙත බාර දීමට තිබු කාලය පැය 48 කින් දීර්ඝ කෙරේ.

    එය අද රත්‍රී 12 ට අවසන්වීමට නියමිතව තිබිණ.

    මෙම තීරණය ගෙන ඇත්තේ, පොලීස් මුලස්ථානයයි.

    සිදුකල සෝදිසි මෙහෙයුම් වලදී මෙවැනි නීති විරෝධී ආයුධ රැසක් සොයා ගැනීමට ආරක්ෂක අංශයන් සමත් විය.

    අප්‍රේල් මස 21 වැනි දින දිවයින පුරා සිදුවු බෝම්බ පිපිරීම් සමඟ රට පුරා මෙවැනි සෝදිසි මෙහෙයුම් දියත් කර තිබිණ.

    මේ හේතුවෙන් නීති විරෝධිව තමා සන්තකයේ ඇති ආයුධ‍ පොලිස් ස්ථානයන්ට බාර දීමට කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවට දන්වා සිටියේය.

    Latest News