තව්හිද් සාමාජිකයන් 200කට වැඩි පිරිසක් අල්ලයි...... උපක්‍රම වෙනස් කරමින් මෙහෙයුම් ඉදිරියටත්

මැයි 03, 2019

    තව්හිද් ජමාත් සංවිධානයේ ත්‍රස්තවාදීන් සහ ඔවුන්ට ආධාර අනුබල දෙන පිරිස් සොයා ආරක්ෂක අංශ රට පුරා දින 11ක් තිස්සේ කළ මෙහෙයුම් වලින් දෙසියකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගනී.

    උපක්‍රම වෙනස් කරමින් යුද්ධ හමුදාවේ පමණක් සාමාජිකයන් දස දහසකට වැඩි පිරිසක් හා අනෙකුත් ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් රට පුරා සිදුකල මෙහෙයුම් වලින් තව්හිත් ජමාත් සංවිධානයේ අභිරහස් ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් හෙළි කර ගැනීමට ආරක්ෂක අංශ සමත් වේ.

    මහජනතාවගෙන් ද මෙම සංවිධානය සම්බන්ධයෙන් තොරතුරු විශාල වශයෙන් ලැබෙමින් පවතින බව ද ආරක්ෂක අංශ පවසයි.

    ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බළකාය ඇතුළු සියලු ආරක්ෂක අංශත්, බුද්ධි අංශත් එකතුව මෙම මෙහෙයුම් ආරම්භ කර අද වන විට එම මෙහෙයුම් සම්පුර්ණයෙන්ම සාර්ථකව සිදු වන බව ත්‍රිවිධ හමුදා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරු පවසති.

    Last modified on සිකුරාදා, 03 මැයි 2019 11:58

    Latest News