සුරාබදු පනතේ සංශෝධන ගැසට් කෙරේ.....මත්ද්‍රව්‍ය සහ අපරාධ මර්දනයට පියවර

මැයි 03, 2019

    සුරාබදු පනතට අදාළ සංශෝධන වහාම ගැසට් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දේ.

    මත්ද්‍රව්‍ය මර්දනය සහ අපරාධ අවම කිරීම පිළිබඳ ජනාධිපති කර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

    මත්ද්‍රව්‍ය වැරදි පිළිබඳ නීති දැඩිව ක්‍රියාත්මක කරමින් මතින් නිදහස් රටක් ගොඩනැඟිමේ වැඩපිළිවෙළ ශක්තිමත්ව සහ කඩිනම්ව ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම මෙහි දී ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    මත්ද්‍රව්‍ය විශ්ලේෂණයට අදාළ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගැටලු පිළිබඳ ද එහිදී සාකච්ඡා කර තිබේ.

    Last modified on සිකුරාදා, 03 මැයි 2019 10:56

    Latest News