ලිපි 600ක් සමඟ අත්අඩංගුවට ගත් තිදෙනා CCD ට භාර දේ

මැයි 03, 2019

    මධ්‍යම තැපැල් හුවමාරුවේදී ලිපි 600ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත බාරදේ.

    ඒ පිළිබඳ විමර්ශන අද ඇරඹේ.

    මධ්‍යම තැපැල් හුවමාරුවේදී ඊයේ (02) මෙම ලිපි තොගය සමඟ සැකකරුවන් තිදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    ඊට අදාළ ලිපි ලංකාව පුරා ඇති විවිධ විහාරස්ථාන වලට යොමු කර තිබිණ.

    කෙසේ‍ වෙතත් ඒ පිළිබඳ සැක සිතීමෙන් අනතුරුව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ නිලධාරීන් විසින් ඒ බව ‍පොලීසියට දැනුම් දී තිබේ.

    අදාළ ලිපි සඳහා ජනාධිපතිවරයාගේ නම ඇතුළත් වූ අතර, ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ හා රාජ්‍ය විරෝධී කරුණු රැසක් ද එහි සඳහන්ව තිබී ඇත.

    Latest News