තවුහිද් ජමාත් නායකයින් මිහිදන් කෙරේ......ස්ලාමිය ආගමික වතාවත් නොලැබේ

මැයි 02, 2019

    පසුගිය විසිහයවන දින සයින්දමර්දු ප්‍රදේශයේ බොලිවේරියන් සුනාමි ගම්මානයේ නිවසක සැගවි සිට බෝම්බ පුරරවා ගනිමින් මිය ගිය ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ දහසය දෙනෙකුගේ සිරිරු අද අම්පාර සුසාන භුමියේ මිහිදන් කෙරේ.

    ආරක්ෂක අංශ නියමයන් යටතේ සිරුරු මිහිදන් කෙරිණ. මරගෙන මැරෙමින් ප්‍රහාර එල්ල කිරිමට සුදානමින් සිටි පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු කාන්තාවන් පස්දෙනෙකු සහ ඔවුන් සමග සිටි කුඩා දරුවන් හය දෙනෙකුගේ සිරුරු මිහිදන් රෙුණ බව අප වාර්තාකරු පවසයි.

    කුඩා දරුවන් හය දෙනාට පමනක් ඉස්ලාම් ආගමානු කුලව මව්ලවිවරයෙකු විසින් ආගමික වතාවත් සිදුකරනු ලැබිණ.

    අම්පාර කොට්ඨාස පොලිස් අධිකාරි සාමන්ත විඡේසේකර මහතාගේ උපදෙස් අනුව මිහිදන් කිරිම් සිදු කරනු ලැබිණ. මෙම අවස්ථාවට අම්පාර අධිකරණ වෛද්‍යවරයා ඇතුළු පිරිසක් එක්ව සිටිහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 මැයි 2019 20:33

    Latest News