තෙබුවන ගෙවත්තක පිපිරීමක්

අප්‍රේ 30, 2019

    කළුතර තෙබුවන ඇළගොඩ ප්‍රදේශයේ ගෙවත්තක පිපිරීමක් සිදුවී ඇති බව වාර්තාවේ.

    ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක ගෙවත්තේ කුණු ගොඩක් ගිණි තැබීමේදී මෙම පිපිරීම සිදු වී ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි. මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ස්ථානයේ පරීක්ෂණ ආරම්භ කර ඇත.

    මුල් අවස්ථාවේ මෙය රතිඤ්ඤා පිපිරීමක් ලෙස සැකූවත් එම නිවසේ වීදුරු ජනෙල් බිඳි ඇති ආකාරය අනුව යම් විශාල ප්‍රමාණයක පිපිරීමක් සිදුවී ඇති බව වාර්තාවේ.

    මෙම පිපිරීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත. නිවස හිමි ව්‍යාපාරිකයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    Latest News