ත්‍රස්තවාදීන්ට වැඩිහිටියන්, දරුවන් කියා වෙනසක් නැහැ.

අප්‍රේ 30, 2019

    ත්‍රස්තවාදීන්ට වැඩිහිටියන්, දරුවන් කියා වෙනසක් නැහැ. ඒ නිසාම වර්තමානයේ දරුවන් කෙරෙහි විශේෂ අවධානයකින් කටයුතු කිරීමට ලෝකයටම සිදුවී තිබේ.

    මෙහි ආසන්නතම සිදුවීම පසුගියදා වාර්තා වුණේ අපේ රටෙනි. යුද්ධයේ දී හෝ ගැටුම්කාරී තත්වයකදී ප්‍රධාන වශයෙන් පීඩාවට පත්වන පාර්ශව දෙකක් සිටී. ඒ, කාන්වන් සහ ළමයින්. වැඩිහිටියන් අතර සිදුවන ප්‍රචණ්ඩත්වය මුල් කරගත් සිදුවීම්වලදී වඩාත් අසරණ භාවයට පත්වන්නේ හය-හතර නොදන්නා කුඩා දරුවන් වීම ඛේදනීය තත්වයකි. පසුගියදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් කුඩා දරුවන් රැසක් ජිවිතක්‍ෂයට පත්වූහ. මිලේච්ජ ත්‍රස්තයින් තම දරුවන් පවා සමීපයේ තබාගෙන බෝම්බ පුපුරවා ගන්නා බිහිසුණු දර්ශන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය විය.

    කල්මුණේ සායින්දමරුදු බෝම්බ ප්‍රහාරයන්ට මැදිව තුවාල ලැබූ කුඩා දරුවෙකු, හමුදා සොල්දාදුවෙකු විසින් බේරා ගනු ලැබූ අවස්ථාව කාගේත් හද කම්පා කරවන දසුනක් විය. මෙවැනි විනාශකාරී සහ අභාග්‍ය සම්පන්න තත්වයන්ට දරුවන්ට මුහුණ පෑමට ඉඩ නොතැබීම මුළුමහත් සමාජයේම වගකීමක්. දරුවන් අනාරක්‍ෂිත නොකර, ඔවුන් රැක ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමේ මඟහැරිය නොහැකි අවශ්‍යතාවක් අද මතුව තිබේ.

    Last modified on අඟහරුවාදා, 30 අප්‍රේල් 2019 23:06

    Latest News