වව්නියාවේ හෝටලයකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් එළියට

අප්‍රේ 30, 2019

    වව්නියාව,කනගරායන්කුලම ප්‍රදේශයේ දුර ගමන් බස් රථ නවතනු ලබන ස්ථානය අසළ මුස්ලිම් හෝටයක තිබි බෝම්බ හා පතුරම් තොගයක් සොයාගත් බව වව්නියාව කනගරායන්කුලම ආරක්ෂක අංශ පවසයි.

    භාණ්ඩ හමුව ඇත්තේ ඊයේ(29) සවස.ආරක්ෂක අංශ පැවසුවේ පොලිස් හා යුධ හමුදා බුද්ධි අංශ වෙත ලද තොරතුරක් මත යාපනය නුවර ප්‍රධාන මාර්ගයේ කනගරායන්කුලම ප්‍රදේශයේ පවතින මුස්ලිම් ජාති‍කයෙකුට අයත් හෝටලක වළ දමා තිබු අදාළ පුපුරණ ද්‍රව්‍ය එලෙස ‍සොයාගෙන ඇති බවයි.

    පීඩන බෝම්බ 03 ක්, ආර්.පි.ජි.උණ්ඩයක් හා පතුරම් කිහිපයක් ද ඒ අතර විය.අදාළ පුපුරණ ද්‍රව්‍ය පැරණි තත්වයේ පවතින බවත් හෝටල් හිමිකරු අදාළ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගනු ලැබුවේ කුමන කාරණාවකට ද යන්න සොයා පරීක්ෂණ පවත්වන බව ද ආරක්ෂක අංශ සඳහන් කළේය. සොයාගත් පුපුරණ ද්‍රව්‍ය හා හෝටලයේ හිමිකරු කනගරායන්කුලම පොලීසිය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කනගරායන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

    Last modified on අඟහරුවාදා, 30 අප්‍රේල් 2019 07:25

    Latest News