සුළිකුණාටු ගැන රතු එළියක්

අප්‍රේ 27, 2019

    ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින ගැඹුරු පීඩන අවපාතය අද (27) පෙ.ව. 05.30 වන විට පොතුවිල් සිට ගිනිකොණ දෙසින් කි.මී 730 පමණ දුරින් උතුරු අක්ෂාංශ 4.5 ත් නැගෙනහිර දේශාංශ 88.0 ත් ආසන්නව ස්ථානගතව පවතී.

    මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුලදීසුළි කුණාටුවක් දක්වා වර්ධනය වී පසුව ඊළඟ පැය 24 තුලදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ යයි බලාපොරොත්තු වේ. මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයෙන්වයඹ දෙසට ගමන් කර අප්‍රේල් මස 30 වන විට උතුරු තමිල්නාඩු වෙරල වෙත ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවේ.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති.බස්නාහිර,දකුණු, සබරගමුව,වයඹ සහ මධ්‍යමපළාත්වලතැනින් තැන වැසි ඇතිවේ. සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණපසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

    Last modified on සෙනසුරාදා, 27 අප්‍රේල් 2019 13:51

    Latest News