කල්මුණේ පිපිරීම් සහ වෙඩි ප්‍රහාර තොරතුරු හෙලිවේ....මළ සිරුරු 15ක්

අප්‍රේ 27, 2019

    Up date - රාජ්‍ය බුද්ධි අංශයට ලැබුණ තොරතුරක් මත කළ වැටලීමකදී ඊයේ පස්වරු (26) හතරයි තිහට පමණ සම්මන්තුරේ සෙන්ගල් ග්‍රාමයේ පවුස් මවතේ අංක 170/1 ස්ථානයේ දෙමහල් නිවසකට යාබදව කඩකාමරයක තිබි බෝම්බ සැදිමට යොදා ගැනේන පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනිමට පොලිසිය ප්‍රථමයෙන් සමත්විණ.

    බෝම්බ සැදිම සදහා උපයෝගි කර ගන්නා මෙම භාන්ඩ තොගය මිගමුව ප්‍රදේශයේ සිට ගෙනවිත් ඇති බව පොලිසිය විසින් එහිදි අනාවරණය කර ගෙන තිබේ.

    බයිසිකල් බෝල ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක්, නයිටික් ඇසිඩ්, සල්පිරියන් අම්ලය, දුරකතන එකළොහක්, වයර්, බැටරි, මුහුණු අවර්ණ, ඩේටනේටර් මෙන්ම තවත් වටිනා භාණ්ඩ රැසක් හමුවි තිබේ. ඩෝනා කැමරාවක් සහ තොරතුරු සහිත චිප් රැසක් සහ ලැප්ටොප් එකක් ද සොයා ගැනිමට හැකිවිය. මෙම ත්‍රාස්තවාදි කණ්ඩායම පුද්ගල බෝම්බ පුපුරවා ගැනිමට පෙර අන්තර්ජාලයට විඩීයෝවක් නිකුත් කිරිමට යොදාගත් බැනර් සහ ඔවුන් ඇද සිටි ඇදුම් මෙහි තිබි සොයා ගැනිණ. මෙම කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන නියාස් නැමැත්තේක් විසින් මෙම කඩකාමරය රුපියල් පන්දහසක කුලියට ලබාගෙන ඇත. පැය දෙකක පමණ කාලයක් සම්මන්තුරේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාවේ නිරිෂණ කටයුතු සිදු කරනු ලැබිණ.

    සම්මන්තුරේ පුපුරණ ද්‍රව්‍ය සහිත ගබඩා වැටලිමෙන් පසුව ලැබුණ තොරතුරුවලට අනුව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් නින්දවුරු පිහිටි නිවසක් වැටලිමට ගියා අතර එම නිවසේ සිටි සැකකටයුතු පුද්ගලයින් පිරිසක් එම නිවසේ සිට අද (26) පලාගොස් තිබිණ. නිවස තුල පරික්ෂා කල විට එම පිරිස භාවිතා කල ඇදුම් පැලදුම් ඡේනරෙටර් එකක්, බයිසිකල් බෝල ලක්ෂ දෙකක් පමණ මෙන්ම ලියාපදිංචි නොකරන ලද මෝටරථයක් සොයා ගෙන තිබේ.

    එම නිවස පරික්ෂා කෙරෙන අතරතුර කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ සුනාමි ගම්මානයේ පිපිරිම් තුනක් සිදුවි ඇතැයි අප වාර්තාකරු පවසයි. ප්‍රථම පිපිරීම හයයි තිහට පමණ සිදුව ඇත. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය එම ස්ථානට කඩිනමින් ලගා විය. යුද හමුදාව ආරක්ෂක සේනා මුලස්ථාන සෙබලුන්, විශේෂ කාර්ය බලකයා සහ පොලිසිය පැය හතරක පමණ කාලයක් ත්‍රස්තවාදින් සොයා මෙහෙයුම ක්‍රියාත්මක කළේය. මෙම මෙහෙයුමේදි දෙපිරිස අතර ‍වෙඩි හුවමාරුවක් ද සිදුවි තිබේ.

    සුනාම් ව්‍යසනයෙන් පසුව මෙම නව ගම්මානයේ පවුල් දෙසියක පමණ පිරිසක් පදිංචිව සිටින අතර ත්‍රස්තවාදින් සිදුකල පුපුරවා ගැනිම පසු සිවිල් ජනතාව ආරක්ෂාව සැලසිමේ මානුෂික මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණ.

    පැය හතරක් පමණ කාලයක් සිදු කළ මෙහෙයුමෙන් පසුව පිපිරිම් සිදුවු ස්ථානයට ලගාවන්නට යුද හමුදාවට, පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බලකායට හැකිවිය. ආරක්ෂක අංශ එම ස්ථානයට ළඟා වන විට බෝම්බ පුරපුරවා ගැනිමෙන් එක් නිවසක් ගිනි ගනිමින් තිබු ත්‍රස්තවාදියෙකු ටි 56 ගිනි අවියක් සමග මැරි සිටි තිබේ. ගිනි ගෙන දැවෙන නිවස අසල තවත් එක් පුද්ගලයෙකු මිය ගොස් සිටි ඇත. වෙඩි තැබිම් වලට සහ පුපුරවා ගැනිම් වලට අනුව තවත් ත්‍රස්තවාදින් සිටිය හැකී බව ආරක්ෂක අංශ පවසා සිටි.

    මෙම ප්‍රහරය සහ පුපුරවා ගැනිම් පිලිබද පරික්ෂණ අද උදැසන පහට පමන ආරම්භ කෙරිණ. එ අනුව අංක තාහඩු වෙනස් කරන ලද නව මෝටරථයක් ද කිබි හමුවි ඇත. ප්‍රහාර එල්ල කරනු ලැබු එම ස්ථානය අවට රුපියල් පන්දහසේ නොට්ටු සහිත මුදල් බන්ඩල් තොගයක් ද සොයාගෙන තිබේ. අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සාමන්ත විඡේසේකර මහතාගේ මුලිකත්වයෙන් තවදුරටත් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.

    කල්මුණේ,සයින්දමරදු ප්‍රදේශයේ ඊයේ වෙඩි හුවමාරුව සිදුවු ප්‍රදේශයේ තිබි පුද්ගල මළ සිරුරූ 15ක් මේ වන විට සොයා ගෙන තිබේ. ඒ අතර පිරිමි මළ සිරුරූ 6ක් කාන්තා මළ සිරුරූ 3ක් සහ කුඩා දරුවන් 6 දෙනෙකුගේ සිරුරූ ඇති බවයි පොලීසිය පවසන්නේ.මේ අතර තවත් පස් දෙනෙක්  රෝහල් ගත කිරිමට පියවර ගෙන තිබේ.ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි පොලිසිය සදහන් කරන්නේ.

    update- කල්මුණේ පිපිරීම සිදුවූ ස්ථානයෙන් මළ සිරුරු 15ක් (09.20)

    කල්මුණේ,සයින්දමරදු ප්‍රදේශයේ ඊයේ වෙඩි හුවමාරුව සිදුවු ප්‍රදේශයේ තිබි පුද්ගල මළ සිරුරූ 15ක් මේ වන විට සොයා ගෙන තිබේ. ඒ අතර පිරිමි මළ සිරුරූ 6ක් කාන්තා මළ සිරුරූ 3ක් සහ කුඩා දරුවන් 6 දෙනෙකුගේ සිරුරූ ඇති බවයි පොලීසිය පවසන්නේ.මේ අතර තවත් පස් දෙනෙක්  රෝහල් ගත කිරිමට පියවර ගෙන තිබේ.ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි පොලිසිය සදහන් කරන්නේ.

    කල්මුණ පොලිස් ස්ථානයට අනුයුක්ත රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට සයින්දමරදු ප්‍රදේශයේ නිවසක සැකකටයුතු පිරිසක් සිටින බවට මුලින්ම තොරතුරුව ලැබී තිබේ. අනතුරු පොලිස් නිලධාරියා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට හට දැනුම් දී තිබේ. ඒ අනූව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් එම නිවස පරීක්ෂා කිරීමට ඒ ආසන්නයට යාමේ දී එම නිවස දෙසින් පොලීසියට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එම නිවස තුළ පිපිරීමක් ද සිදුව තිබේ. නිවසේ සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවන් එම පිපිරීම් සිදුකර තිබේ.

    අනතුරුව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුධ හමුදාව එම ප්‍රදේශය පරීක්ෂා කිරීම ආරම්භ කළ අතර පිපිරීම් සිදුකරන ලද නිවස ද පරීක්ෂාවට ලක් කරන ලදී. නිවස තුල තිබී මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට සැකකරන පිරිමි පුද්ගලයින් 3කගේ මෘත ශරීරත්, ඊට අමතරව තවත් කාන්තාවන් 3ක්ගේ මෘත ශරීර හා කුඩා දරුවන් 6 දෙනෙකුගේ මෘත ශරීරත් නිවස ආසන්නයේ තිබී හමුව තිබේ.

    නිවසෙන් පිටත තිබූ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බවට සැකකරන තවත් පුද්ගලයින් තිදෙනෙකුගේ මෘත ශරීර 3ක් ඇතුළු මෘත ශරීර 15ක් සොයා ගෙන තිබේ. තවද ආරක්ෂක අංශ එම නිවස තුළට යන විටත් බරපතල තත්වයේන තුවාල ලබා සිටින කාන්තාවක් හා කුඩා දරුවෙකු රෝහල වෙත යැවීමට පොලීසිය ක්‍රියා කළේය. සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.මෙම වෙඩි හුවමාරු හා පිපිරීමෙන් ආරක්ෂක අංශ නිලධාරීන් හට කිසිඳු හානියක් සිදුවී නොමැති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. කල්මුණ,චවලකඩේ,සම්නතුරය පොලිස් වසම්වල දිගින් දිගටම සෝදිසි මෙහෙයුම් සිදුවන බැවින් ඊයේ රාත්‍රී එම පොලිස් වසම් 3ට පනවන ලද පොලිස් ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මකව පවතී.

     ..........................................................

    update-ඊයේ රාත්‍රී පිපිරීම් සිදුවූ ස්ථානයේ තිබී මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බවට සැකකෙරෙන මෘත ශරීර 4ක් හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

    (2019.04.27 පෙ.ව 7.15 - කල්මුණේ වෙඩි හුවමාරුවෙන් ත්‍රස්තයන් 2ක් ඇතුළු 3ක් මරුට)

    කල්මුණේ,සයින්දමරුදු,නින්දවූර් ප්‍රදේශයේ ඊයේ(27) රාත්‍රියේ සිදුවූ වෙඩි හුවමාරුවෙන් අනතුරුව පුද්ගලයින් තිදෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි.ප්‍රහාරකයින් දෙදෙනෙක් හා සිවිල් පුද්ගලයෙක් ඒ අතර වන බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ. තවත් සිවිල් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා තිබේ. ඊයේ පස්වරු 7.00 ට පමණ කල්මුණේ, සහින්දාමරාඩු ප්‍රදේශයේ ජුම්මා මුස්ලිම් පල්ලියට ආසන්න සැක කටයුතු ස්ථානයක් සෝදිසි කරමින් සිටින අතරතුර මෙම වෙඩි හුවමාරුව සිදුවිය. මෙම ස්ථානයේ මාරගෙන මැරෙන බොම්බකරුවන්ගේ පිපිරිමක් ද සිදුවූ බව එම අවස්ථාවේ ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.

     යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කර සිටියේ යුද්ධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය්‍ය බලකායට ලද තොරතුරකට අනුව සිදු කල සෝදිසි මෙහෙයුමක දී මරාගෙන මැරෙන බෝම්බ කට්ටල හා පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරමින් සැඟව සිටි ත්‍රස්ථවාදීන් 5-6 දෙනෙකුන් විසින් මෙම වෙඩි තැබිම සිදුකළ බවයි.

    Last modified on සෙනසුරාදා, 27 අප්‍රේල් 2019 13:06

    Latest News