පාර්ලිමේන්තුව කල් තැබීමට විරෝධී පෙත්සමට නීපතිගේ විරෝධය

නොවැ 05, 2018

    පාර්ලිමේන්තුව සැසිවාරය කල් දැමීමට ජනපති නිකුත් කළ ගැසට් නිවේදනය නිතිවිරොධි යැයි ප්‍රකාශ කරනමෙන් ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරණමෙන් ඉල්ලා නීතිපතිගේ මුලික විරෝධතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරිණ.

    නීතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුණී සිල්වා මහත්මිය අධිකරණයට කියා සිටියේ පෙත්සම පවත්වාගෙන යාමට නීතියට අනුව හැකියාවක් නොමැති බවයි.

    පෙත්සම අද කැඳවනු ලැබුනේ අගවිනිසුරු නලින් පෙරේරා, සිසිර ද ආබෲ සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

    විජිත් මලල්ගොඩ විනිසුරුවරයා සාමාජිකත්වය නොදරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම සලකා බැලීම සඳහා කැඳවන ලෙස අගවිනිසුරුවරයා නියම කර සිටියේය. ඉන් අනතුරුව අගවිනිසුරුවරයා කියා සිටියේ පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතාට විසින් පෙත්සම කැඳවිමට අවශ්‍ය දිනය මෝසමක් මගින් දැනුම් දෙන ලෙසයි.

    නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරිය අද කියා සිටියේ ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති පාර්ලිමේන්තුව කල් තැබීමේ ප්‍රකාශනය නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කළ නොහැකි බවයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් 27 වනදා නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තු සැසිවාරය ලබන 16 වන දා දක්වා කල් තැබීම සිදුකර ඇති බව පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා කියා සිටියි. සාධාරණ පදනමකින් තොරව පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමෙන් රට තුළ විශාල අස්ථාවරභාවයක් නිර්මාණය වී ඇති බවත් ඔහු පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

    Last modified on සදුදා, 05 නොවැම්බර් 2018 14:09

    Latest News