ත්‍රස්ත ක්‍රියාවන්ට වැට බැඳෙන පරිදි ආරක්‍ෂාව තහවුරු කරනවා;අගමැති

අප්‍රේ 26, 2019

    මෙවැනි සිද්ධීන් යළි ඇති නොවන පරිදි රටේ ආරක්‍ෂාව තහවුරු කිරීම රජයේ අපේක්‍ෂාව බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අගමැතිවාරයා මේ බව කියා සිටියේ, බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නිවුස් නාලිකාව සමඟ ඊයේ විශේෂ සම්මුඛ සාකච්ජාවට එක්වෙමින්. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා....

    “අපට ඉතා වැදගත් වෙන්නේ රට ආරක්‍ෂා කරමින් ඉදිරියට යා හැකි ආරක්‍ෂක සැලැස්මක්. මේ දක්වා අපට එය කරන්නට හැකිවුණා. අමතක කරන්න එපා අප අතර හොඳ සංහිඳියාවක් තිබුණු බව. අපි එය ශක්තිමත් කරන්න ඕන. මේක බලවත් අඩුපාඩුවක් සිදුවූ අවස්ථාවක්. එල්ටීටීඊය නැවත සංවිධාන වන බවට බියක් තිබුණා. එහෙම වුනේ නෑ. දැන් තියෙන්නේ අලුත් තත්වයක්. බ්‍රිතාන්‍යයේ, උතුරු අයර්ලන්තයේ වගේ. දකුණු ආසියාවේ බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින හා පකිස්තානය මෙවැනි තත්වවලට මුහුණ දුන්නා.

    මේක අපේ සංචාරක කර්මාන්තයට බලපානවා. මේ අවුරුද්දේ ආර්ථිකයටත් බලපෑමක් කරාවි. නමුත් අපි හිතනවා ඉදිරි සති කිහිපය තුල ඉන් ආරක්‍ෂා වෙන්න පුළුවන් කියල. අපට අන්තර්ජාතික සහය ලැබෙනවා. වැදගත් වන්නේ රට ආරක්‍ෂිත බවට තහවුරු කිරීමයි. අන්තර්ජාතික සහය ඇතිව යළි මෙවැනි දෑ සිදු නොවන ලෙසට අපි රට ආරක්‍ෂා කරනවා“ යැයි අග්‍රාමාත්‍යවරයා සම්මුඛ සාකච්ජාවේදී කියා සිටියේය.

    Last modified on සිකුරාදා, 26 අප්‍රේල් 2019 19:38

    Latest News