ශාන්තා-නිසංගා අවසන් කටයුතු හෙට

අප්‍රේ 24, 2019

    ජාතික රූපවාහිනියේ අයි නාලිකාවේ නිවේදිකාවකව සිටි අභාවප්‍රාප්ත නිසංගා මායාදුන්නේ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සවස 5.00ට බොරැල්ල කනත්තේ දී සිදු කෙරේ.

    නිසංගා මායාදුන්නේ මහත්මිය ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මියගේ වැඩිමහල් දියණියයි. නිසංගා මායාදුන්නේ, ජාතික රූපවාහිනියේ “බිස්නස් ටුඩේ“ වැඩසටහනට ඉංග්‍රීසි නිවේදිකාවක ලෙස සම්බන්ධ වූයේ 2016 වසරේදී. ඇයගේ කුසලතාවය සහ වෘත්තීමය හැකියාවන් ප්‍රේක්‍ෂකයින් අතර බෙහෙවින් ජනප්‍රිය වීමට හේතුවිය.

    sha

     

    නිසංගා අභාවප්‍රාප්ත වූයේ පාස්කු ඉරිදා ෂැංග්‍රිලා හෝටලයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙනි. ඇයගේ මව ද එම ප්‍රහාරයෙන් මියගියාය. ඇයගේ වියෝව වෙනුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ අයි නාලිකාව සිය බලවත් සංවේගය පළ කර සිටී.

    Latest News