අන්තවාදී සංවිධාන තහනම් කිරිමේ සූදානමක්.... ඇමති රුවන්

අප්‍රේ 21, 2019

    රට තුළ පවතින සියලුම අන්තවාදි සංවිධාන තහනම් කිරීමට ඉදිරියේදි කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

    අද (21) දින දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වු පිපිරීම් සම්බන්ධයෙන් දැනුවත් කිරිමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    පිපිරීමෙන් මිය ගිය සියලුම දෙනාගේ අවසන් කටයුතු රජයේ වියදමින් සිදු කරන බවත් තුවාලකරුවන්ට ප්‍රථිකාර කිරීම සඳහා රජය හැකි උපරිමයෙන් කටයුතු කරන බවද ඔහු කියා සිටි.

    මෙම හදිසි තත්ත්වය අවස්ථාවේ සියළු දෙනා බුද්ධිමත්ව කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

    Last modified on ඉරිදා, 21 අප්‍රේල් 2019 17:02

    Latest News