ආබාධිත අයට පහසුකම් සපයන ලෙස රාජ්‍ය ආයතන 8කට නියෝග

අප්‍රේ 18, 2019

    ආබාධිත පුද්ගලයන්ට පහසුවෙන් රාජ්‍ය ආයතන වෙත ප‍්‍රවේශවීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියෝග කර තිබේ.

    අද විභාග වූ මෙම නඩුවේ දී රාජ්‍ය ආයතන කිහිපයකට මෙම නියෝගයක් නිකුත් කර ඇත. ආබාධිත තත්ත්වයෙන් පසුවන ආචාර්ය අජිත් සී. එස්. පෙරේරා නැමැත්තා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොණු කර ඇත.

    ප‍්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප‍්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම විභාග කෙරී ඇත.

    ඒ අනුව සමාජ සේවා සහ සුබසාධන, නිවාස හා ඉදිකිරීම්, අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, අධාපන යන අමත්‍යාංශවලට මෙන්ම සංචාරක සංවර්ධන අධිකාරය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන 8කට මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන් වේ. අදාළ නියෝගය කඩ කරන ආයතනවලට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ සහ මහාධිකරණෙය් නඩු පැවරීමට කටයුතු කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. එසේම පෙත්සම්කරුට නඩු ගාස්තු ලෙස රුපියල් 50,000ක මුදලක් ගෙවන ලෙසද මෙහිදී රජයට නියෝග කර ඇත.

    වසර 10ක් තිස්සේ මෙම නඩුව විභාග වී අදාළ තීන්දුව අද ප‍්‍රකාශයට පත් කර තිබේ. ආචාර්ය අජිත් සී. එස්. පෙරේරා කර්මාන්ත ක්‍ෂේත්‍රයේ හිටපු කළමනාකරුවෙකු වන අතර "ඉදිරිය" මානුෂීය සේවා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයතු කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 අප්‍රේල් 2019 17:13

    Latest News