අලුත් අවුරුදු හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය

අප්‍රේ 17, 2019

    සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය සඳහා සුභ නැකත අදට (17) යෙදී තිබේ.

    අද පූර්ව භාග 07.40ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොලොං පත් ද තබා, පළාවන් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ‍්‍ර නානු ද, තෙල් ද ගා ස්නානය කළ යුතු බව අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන්. 

    හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය අද පැවැත්වෙන්නේ කලූතර බෝඹුවල ශ‍්‍රී සුබෝධි රාජාරාම මහා විහාරයේදීයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව මෙම උත්සවය සංවිධාන කෙරෙනවා.

    Last modified on බදාදා, 17 අප්‍රේල් 2019 07:47

    Latest News