කළු කුහරයේ පළමු ඡායාරූපය ලෝවට

අප්‍රේ 12, 2019

    අභ්‍යවකාශයේ අභිරහසක්ව පැවති කළු කුහරයේ ඡායාරූපයක් පළමු වරට යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ තාරකා විද්‍යාඥයන් ලබාගෙන තිබේ.

    මෙය විශ්මය ජනක පිහිටිමක් බව ඔවුන් සඳහන් පවසති. මෙම කළු කුහරය පිළිබද ගවේෂණය සඳහා ඒ වෙත යවා ඇති Event Horizon Telescope අභ්‍යවකාශ දුරේක්ෂය මගින් මෙම ඡායාරූප ලබාගෙන තිබේ. ඒ අනුව මෙය කිසි ලෙසකින්වත් සිතුවමක් හෝ පරිගණක ආශ්‍රිත නොවන බවද ඔවුන් අවධාරණය කරයි.

    කළු කුහරයට කිලෝ මීටර ටි‍්‍රලියන පන්සියයක් දුරින් ස්ථාන ගතකර ඇති දුරේක්ෂ අටක ආධාරයෙන් ඡායාරූපය ලබාගෙන තිබේ. එහි සම්පූර්ණ තොරතුරු ප‍්‍රකාශයට පත්කිරිමට නියමිතයි. කළු කුහරය සූර්යා මෙන් බිලියන 6.5ක ස්කන්ධයකින් යුක්තයි.

    දැනට පවතින අදහසට අනුව අභ්‍යවකාශයේ පවතින රික්තක ශෝධක කලාපයක් ලෙස මෙම කළු කුහර හැඳින්වේ. එ අනුව ඕනෑම ආලෝකයක සිට විශාල ප්‍රමාණයක ග්‍රහවස්තුවක් දක්වා ගිල ගැනීමේ හැකියාව මෙම කළු කුහර සතුව පවතින බව පොදු අදහසවේ.

    Latest News