හෙරොයින් ජාවාරමට සහයදුන් පොහොට්ටුවේ මන්ත්‍රීට රැඳවුම් නියෝගයක්

අප්‍රේ 09, 2019

    හෙරොයින් ජාවාරමකට අනුබලදුන් හලාවත නගර සභාවේ පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී ස්ටැන්ලි ලවුස් ප්‍රනාන්දු අප්‍රේල් 14 තෙක් රඳවා ප්‍රශ්න කිරීමට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන්, අවසර ලබාදී තිබේ.


    මීගමුව කටුවපිටිය ප්‍රදේශයේදී මාර්තු 03 වැනිදා හෙරොයින් කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් 08ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබිණ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අනුව හලාවත නාගරික මන්ත්‍රී ස්ටැන්ලි ලවුස් ප්‍රනාන්දුව ඊ‍යේ උදෑසන දංකොටුව නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇත. ඒ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින්.

    ඒ අනුව ඔහුව අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝගය නිකුත් කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 09 අප්‍රේල් 2019 18:33

    Latest News