උත්සව සමයට විශේෂ බස් රථ සේවාවක් (වීඩියෝ)

අප්‍රේ 08, 2019

    අප්‍රේල් 09 සිට 21 දක්වා පෞද්ගලික බස් රථ වේලා සටහන්කරුවන් ඇතුළු සෙසු නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.

    උත්සව සමයේ ප්‍රමාණවත් පරිදි සැලසුම් සහගතව පෞද්ගලික බස් රථ ධාවනය කිරවීම මෙහි අරමුණයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරිණ. අවුරුදු සමයේ විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව එම අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා ප්‍රකාශ කළේය. දුර බැහැර ගමන්වල යෙදෙන විශාල පිරිසක් කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම් පොළට මෙන්ම කඩුවෙල, කඩවත, කටුනායක, පානදුර යන බස් නැවතුම්පොළ වෙත ද පැමිණේ.

    ඊට විසඳුමක් ලෙස පළාතේ ධාවනය කෙරෙන බස් රථ 750ක් ගමනා ගමන කොමිසමට ලබාදීමට නියමිතයි. ඒවා නියමිත පරිදි අවුරුදු සමයේ ධාවනයට යොදවා ඇත. ප්‍රවේශ පත්‍රයට අමතරව, යම්කිසි මුදලක් අය කළහොත් හෝ මගියාට පීඩාවක් ඇතිවන ආකාරයෙන් ක්‍රියා කළහොත් 0112-860860 දුරකතන අංකයට දැනුම් දිය හැකි බව අධිකාරිය පවසයි. පෞද්ගලික බස් රථ සඳහා වන විශේෂ අවසර පත්‍ර අප්‍රේල් 21 දක්වා ලබා නොදීමට පියවර ගෙන තිබේ.

    සියලු බස් රථ මාර්ග පරීක්‍ෂක නිලධාරීන් යොදවා පරීක්‍ෂා කිරීමට නියමිතයි. බලපත්‍රලාභී නිවාඩු ගන්වන ලද බස් රථ මෙම කාලය තුළ සේවයට යෙදවීමට පියවර ගෙන තිබේ. බස්නාහිර පළාතේ සියලුම බස්නැවතුම් පොළවලින් පළාත තුල විශේෂ අවුරුදු සේවා ක්‍රියාත්මකයි. අප්‍රේල් 9 වැනිදා සිට 21 දක්වා කාලය තුල විශේෂ අවුරුදු ප්‍රවාහන සේවා සතිය ලෙස ප්‍රකාශයට පත් කිරීමට අධිකාරිය පියවර ගෙන තිබේ.

     

    Last modified on සදුදා, 08 අප්‍රේල් 2019 19:41

    Latest News