කයිට්ස් පොලිස් වසමේ සෙට්ටිපුලම් ප්රදේශයේ ඊයේ (16) රාත්රී නිවසක සිටි දරුවෙකුට විදුලි සැර වැදී මියගොස් තිබෙනවා. විදුලි බුබළු වැලකට විදුලිය සැපයීමට යාමේදී මෙලෙස විදුලි සැර වැදී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ වේලනි නැගෙනහිර ප්රදේශයේ පදිංචි අවු.8ක් වයසැති දරුවෙක්. මිය ගිය දරුවා වේලනි ප්රාදේශීය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට කයිට්ස් පොලිසිය පවසනවා. Twitter