හා දඩයමට දඹුල්ල මහේස්ත්‍රාත් කෝසලගෙන් සුපිරි දඩයක්

අප්‍රේ 03, 2019

    දඹුල්ල දිගම්පතහ රක්ෂිත හාවුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයන් දෙදෙනාට එක හාවෙකුට රුපියල් හැටදාහක් බැගින් එක් ලක්ෂ විසිදහසක දඩයක් දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා විසින් නියම කර තිබේ.

    දඹුල්ල ඉනාමළුව වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් විසින් හාවන් මරා රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනා ගිනි අවියක් ද සමඟ අත්අඩංගුවට ගෙන දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. නෙළුම්එල්ල ඇතිලිවැව සහ දඹුල්ල දිගම්පතහ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුට මෙලෙස දඩ නියමකර ඇත.


    කලක සිට මොවුන් ඉනාමලුව රක්ෂිතයේ වන සතුන් දඩයම් කර සංචාරක හෝටල්වලට මස් අලෙවි කිරීම සිදු කරන බව ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ. මෙම දඩයක්කරුවන් දඩ මස් අලෙවි කිරීම සඳහා නම් දරා සිටින පුද්ගලයන් බවත් සංචාරක හෝටල්වලට සහ විවිධ සාදවලට දඩමස් සැපයීම ඔවුන්ගේ රැකියාව බවට පත්ව ඇතැයි වනජීවි නිලධාරීහු පවසති.

    මාතලේ දිසා වන නිලධාරි එච්. එම්. ඒ. බී. හේරත් නවුල, අඩවි වන නිලධාරී එම් .ජි . වී . ජයකොඩි යන මහත්වරුන් ගේ උපදෙස් පරිදි දඹුල්ල ඉනාමළුව බීට්ටු වන නිලධාරී එඩ්වඩ් රාගල් වන සහකාරවරුන් වන එච්. එම්. හේරත්, ජි .එච් .අජිත් කුමාර, තාරක දසනායක, ඒ .එම් . රම්බණ්ඩා සහ මහින්දපාල වැටලීමට එක්වූහ.

    Latest News