පාසල් බස් රථයක් අනතුරට

මාර් 21, 2024
    වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය කුමාරදාස මංසන්ධිය ප්‍රරදේශයේ දී අද උදෑසන පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

    එම අනතුරින් පාසල් සිසුන් හත් දෙනෙකු සහ රියදුරු ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු මේ වන විට ප්‍රතිකාර සදහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

    බස් රථයේ රියදුරුට ඇති වූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් බස් රථය පෙරලී ඇති බවට මූලික විමර්ශන වලින් අනාවරණය වී තිබෙනවා.
    මේ වන විට රෝහලට රැගෙන පැමිණි රෝගීන් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින අතර අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
     
    Screenshot 20240321 080911 Gallery
     
    Screenshot 20240321 080906 Gallery
     
    Screenshot 20240321 080859 Gallery
    Last modified on බ්‍රහස්පතින්දා, 21 මාර්තු 2024 11:24

    Latest News