ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ 50 වන සංවත්සර උත්සවය (වීඩියෝ)

මාර් 30, 2019

    ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ 50 වන සංවත්සර උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි.

    රටේ සමාජ ප‍්‍රගමනය උදෙසා විවිධ අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් සංවිධානය කර පවත්වාගෙන යනු ලබන අධ්‍යාපන කේන්ද්‍රයක් වන ශ‍්‍රී ලංකා පදනම් ආයතනය 1969 වසරේ දී ආරම්භ වූවකි. වසර 50ක කීර්තිමත් ඉතිහාසය තුළ ස්වකීය අධ්‍යාපන සේවාව වඩාත් පුළුල් තලයකට ගෙන ආ ශ‍්‍රී ලංකා පදනම් ආයතනය අද ජනතා විශ්වවිද්‍යාලයක් ලෙස ලාංකේය ප‍්‍රජාවගේ අධ්‍යාපනික හා සේවා අවශ්‍යතා පරිපූර්ණ කිරීමේ කාර්යයේ නිරතව සිටි. ශ‍්‍රී ලංකා පදනමට පුරෝගාමීත්වයක් ලබාදුන් ෆෙඩ්‍රික් ඊබට් නමින් ප‍්‍රධාන දොරටුවක් විවෘත කිරීම ද එහි 50 වන සංවත්සරයට සමගාමීව සිදු විය.

    Latest News