කොට්ටාව, මාකුඹුර බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය හෙට(31) විවෘත කෙරේ (වීඩියෝ)

මාර් 30, 2019

    කොට්ටාව, මාකුඹුර බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය හෙට(31) විවෘත කෙරේ.

     

    ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය අනුග්‍රහය මත ඊට වැය කළ මුදල රුපියල් මිලියන දෙදහසක්. බස් රථ අංගයනයක්, දුම්රිය අංගනයක්, රථ ගාලක් සහ මගී පර්යන්තයකින් එය සමත්විතයි. මහරගම නගරයෙන් ආරම්භ වන අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ සියල්ල අප්‍රේල් 01 සිට මාකුඹුර ගමන් ආරම්භ කෙරේ. මොරගහහේන, මාලඹේ, අපේක්‍ෂා රෝහල සහ පිටකොටුව සාමාන්‍ය සහ සුඛෝපභෝගි බස් සේවා ද මාකුඹුරෙන් ආරම්භ වනු ඇති. ජී.පී.එස්. තාක්‍ෂණය යොදා ගෙන එල්.ඊ.ඩී. තිර මගින් ප්‍රවාහන සේවා පිළිබඳව මගීන් දැනුවත් කෙරේ. අන්තර්ජාලය මගින් ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනිමට ද, එක් ප්‍රවේශ පත්‍රයකින් දුම්රියේ සහ බස් රථයේ ගමන් කිරීමේ අවස්ථාව සළසා තිබීම විශේෂත්වයක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කිරීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 30 මාර්තු 2019 21:53

    Latest News