බිත්තරේට යළි උපරිම මිලක්

මාර් 02, 2024

    බිත්තර නිෂ්පාදකයින් හා වෙළෙඳ මාෆියාව විසින් මහජනතාව අනිසි ලෙස ගසා කෑම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට පියවර ගන්නැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යෝජනා කර තිබෙනවා.

    ඒ, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර හා පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවති බිත්තර නිෂ්පාදනය හා මිල සම්බන්ධව සාකච්ඡාවකදී‍. එම සාකච්ඡාව කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවැත්වුණා.

    සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් මෙරට බිත්තර මිල ඉහළ නැංවිම සඳහා බිත්තර ශීතාගාරවල රඳවා තබා ගනිමින් කෘතිම බිත්තර හිඟයක් මවා පෑමට මේ වනවිට ඇතැම් බිත්තර නිෂ්පාදකයින් හා වෙළෙඳ මාෆියාව උත්සාහයක නිරතව සිටින බවයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එහිදී පෙන්වා දුන්නේ.

    අවුරුදු මාසය තුළ ද බිත්තර හිඟයකින් තොරව සැපයීමට රජය අවධානය යොමු කර තිබෙනවා. මෙම උපරිම සිල්ලර මිල ලබන සතියේ දී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News