ජීවිත 43 ක් අළු යට සැඟව යයි

මාර් 01, 2024
    බංග්ලාදේශයේ මහල් ගොඩනැගිල්ලක ඊයේ රාත්රී ඇතිවූ ගින්නකින් 43 දෙනෙකු මියගොස් තිබෙනවා. ගින්න හටගෙන ඇත්තේ, ඩකා අගනුවර පිහිටි අවන්හලකයි.

    ගින්න ගොඩනැගිල්ල පුරා ඉතා වේගයෙන් පැතිර ගොස් ඇති අතර පුද්ගලයින් රැසක් ඊට කොටුවූ බව විදෙස් මාධ්ය වාර්තාවල සඳහන්. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

    මියගිය පිරිස අතර කාන්තාවන් සහ ළමුන් ද සිටින බව බංග්ලාදේශයේ සෞඛ්ය අමාත්යවරයා පවසනවා.
     
    මහල් හතකින් යුත් ගොඩනැගිල්ල තුළ තවත් ආපනශාලා මෙන්ම ඇඳුම් පැළඳුම් සහ ජංගම දුරකථන සාප්පු කිහිපයක් ද පවත්වාගෙන ගොස් තිබුණා.
     
    ඒවාට පැමිණි පිරිස්ද ගින්නට කොටුවී තිබෙනවා. බංග්ලාදේශයේ වාණිජ හා නේවාසික ගොඩනැගිලිවල ගිනි ගැනීමේ සිදුවීම් බහුලව වාර්තා වනවා.
     
    විදෙස් මාධ්ය පෙන්වා දෙන්නේ, දුර්වල ආරක්ෂණ ක්රියාමාර්ග සහ දැනුවත්භාවය හා රෙගුලාසි ප්රමාණවත් ලෙස ක්රියාත්මක නොකිරීම මීට හේතුව බවයි.

    Latest News