40 වන සැමරුමට නිවාස සංවර්ධන අධිකාරියෙන් නව ගම්මාන 170 ක්

මාර් 30, 2019

    40වන සංවත්සරය සමරමින්, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දිවයින පුරා නව ආදර්ශ ගම්මාන 170 ක ඉදිකිරීම් හෙට (31) අරඹයි.

    1979 සිට 2019 දක්වා, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ආරම්භ කර පුරා 40 වසරක් සපිරේ. ඒ නිමිතිකොට "සැමට සෙවණ" ජාතික නිවාස වැඩසටහන යටතේ මෙම නව ආදර්ශ ගම්මාන 170 ක ඉදිකිරිම් කටයුතු ආරම්භ කෙරේ.

    නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි 2015 වසරේ නව ආදර්ශ ගම්මාන ආරම්භ කිරිමේ වැඩපිලිවෙල යටතේ මෙරට ආදර්ශ ගම්මාන 1935 ක ඉදිකිරිම් කාර්යයන් දැනටමත් ආරම්භකර ඇත. ඒ අනුව මෙම නව ආදර්ශ ගම්මාන 170 සමගින් ඉදිකිරිම් ආරම්භ වූ ආදර්ශ ගම්මාන ප‍්‍රමාණය 2105 ක් වේ.

    මාර්තු 31 දින ආරම්භ කරනු ලබන ආදර්ශ ගම්මාන 170 තුළ නව නිවාස 3,700 ක් පවත්නා අතර, මෙම දිනයේදී යාපනය දිස්ත‍්‍රික්කය තුළ පමණක් ඉදිකිරිම් ඇරඹෙන ආදර්ශ ගම්මාන ප‍්‍රමාණය 22 කි.

    වව්නියාව, මුලතිව්, මන්නාරම, ත‍්‍රිකුණාමලය, අම්පාර, පුත්තලම යන දිස්ත‍්‍රික්කයන්හි නව ආදර්ශ ගම්මාන 10 බැගින් ඉදිකෙරේ.

    2015 වසරේ ඇරඹි "සැමට සෙවණ" ජාතික නිවාස වැඩසටහනේ මූලික ඉලක්කය වූයේ සිව් වසරක කාලපරිච්ජේදයක් තුළදී ආදර්ශ ගම්මාන 2500 ක් ඉදිකිරීමයි. දැනටමත් මෙම වැඩසටහන ලබා ඇති ප‍්‍රගතිය අනුව මෙම වසරේ ඉදිරි මාස කිහිපය තුළදී එම ඉලක්කය සපුරාලමින් නව ආදර්ශ ගම්මාන 2500 ක ඉදිකිරිම් කටයුතු සපුරාලීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි.

    Last modified on සෙනසුරාදා, 30 මාර්තු 2019 16:48

    Latest News