සති අන්තයේ නුවරඑළියේ යනවනම් මේ ගැනත් අවධානයෙන්

පෙබ 16, 2024

    නුවරඑළිය ප්‍රදේශයට පතිත වන සුළු වර්ෂාවත් සමග ප්‍රදේශය පුරා ඝණ මීදුම් තත්ත්වයක් පවතිනවා.

    මේ හේතුවෙන් ප්‍රධාන මාර්ග වල ඉදිරියෙන් ධාවනය වන වාහන නොපෙනීයාම හේතුවෙන් නුවරඑලිය ප්‍රදේශයට ධාවනය කරන වාහන වල රියදුරන් දැඩි ලෙස විමසිල්ලෙන් වාහන ධාවනය කරන ලෙසයි නුවරඑළිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

    නුවරඑළිය නගර සීමාව , හාවාඑළිය බොරලන්ද උඩපුස්සැල්ලාව ප්‍රධාන මාර්ගය , නානුඔය තලවාකැලේ හැටන් ප්‍රධාන මාර්ගය , නානුඔය රැදැල්ල කෙටි මාර්ගය , නුවරඑළිය මිපිළිමාන පට්ටිපොළ ලෝකාන්තය පිවිසුම් මාර්ගයන්හි මෙම ඝන මීදුම් තත්ත්වය පවතින බැවින් මෙම මාර්ගයන්හි වාහන ධාවනයේදී ඉතාමත්ම අඩු වේගයකින් හා සැලකිලිමත්ව වාහන ධාවනය කිරීමට කටයුතු කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

    ඉදිරියෙන් පැමිණෙන වාහන නොපෙනීමේ තත්වයක් පවතින බැවින් සෑම වාහනයකම ආලෝක සංඥා විදුලි පහන දල්වාගෙන යන ලෙසත් රියදුරන්ගෙන් නුවරඑළිය රථවාහන පොලිසිය ඉල්ලා සිටිනවා.

    Latest News