යුක්තියට පොලිස් කොස්තාපල්වරයෙකු කොටු

ජන 11, 2024
    'යුක්තිය' මෙහෙයුමට සමගාමීව කළ වැටලීමකදී කෝපායි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් අයිස් මත්ද්රව්ය ග්රෑම් 50ක් සමග ඊයේ (10) රාත්රියේ අත්අඩංගුවට ගත් බව ත්රිකුණාමලේ උප්වුවේලි පොලීසිය පැවසීය.

    ත්රීකුණාමලය කොට්ඨාස අපරාධ දූෂණ මර්ධන ඒකකට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදී මෙම පොලිස් නිලධාරීයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අදාළ නිලධාරියා 2021 වසරේ සැප්තැම්බර් මස පොලිස් සේවයට බැඳී මූලික පුහුණුව හදාරා කෝපායි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර ඇත. ඔහු නිවාඩු ලබා පිටව ගොස් සිට ඇති අතර, පසුව අසනීප බව දන්වා සේවයට වාර්තා නොකර සිටිය දී මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
     
    මත්ද්රව්ය සන්තකයේ තබාගැනීමේ වරටද මෙම නිලධාරියාව ත්රිකුණාමල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව උප්පුවේලි පොලීසියේ ප්රධාන පොලිස් පරික්ෂක වරුණ මහතා පැවසීය.

    Latest News