සංචාරකයන්ගේ ආරක්ෂාවට නව සංචාරක පොලිස් ඒකක 22ක්

මාර් 29, 2019

    දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා සංචාරක පොලිස් ඒකක 22 ක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සැලසුම් කරයි.

    එහි නියමු ව්‍යාපෘතිය පසුගිය 22 වැනි දින මිරිස්සේ දී ආරම්භ විය. ප්‍රථම වරට බහාලුම් (Container) භාවිත කර සංචාරක පොලිසි ඒකක පිහිටු වන අතර මෙම එක් ඒකකයට බහාලුම් 4 ක් පමණ භාවිත කෙරේ. දැනට රට පුරා සංචාරක පොලිස් ඒකක 11 ස්ථාපිත කර තිබේ. තවත් එවැනි ඒකක 22ක් ස්ථාපිත කිරීමට යෝජිතයි. අවශ්‍ය සියලු පහසුකම්, ස්ථානාධිපති කාර්යාල, නවාතැන් පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් යනාදී සියල්ල මෙම ඒකකයට අන්තර්ගතයි.

    Latest News