විදුලිබල - මහාමාර්ග අමාත්‍යාංශයන් හී වැය ශීර්ෂ අද විවාදයට

මාර් 29, 2019

    අයවැය 2019 කාරක සභා අවස්ථවේ විවාදය අද (29) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත අතර, අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ විවාදයට ගැනීමට ද නියමිතයි.

    ඒ අනුව මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනේ.

    මේ අතර, අමාත්‍යාංශ දෙකක වැය ශිර්ෂ කිහිපයක් ඊයේ (28) පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය.

    මතුව ඇති විදුලි අර්බුදය විසඳීම සඳහා රජය ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද අද (29) පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිත බව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    Latest News