සූර්ය බලයෙන් කහඉරට ආලෝකය

මාර් 28, 2019

    මෙරට ප්‍රථම වරට සූර්ය බලය උපයෝගී කර ගනිමින් පදිකයන් මාරුවන ස්ථාන ආලෝකමත් කිරීම සඳහා විදුලි ලාම්පු පද්ධතියක් නිර්මාණය කර තිබේ.

    ඊට පූර්ණ අනුග්‍රහය ලබාදෙන්නේ කොළඹ නගර සභාවයි. එහි ප්‍රථම විදුලි ලාම්පුව කොළඹ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මාවතේ දවටගහ පල්ලිය අසළ සවිකර තිබේ. කිසියම් පුද්ගලයෙකු කහඉර මතින් පාර මාරුවන විට, කහඉර විදුලියෙන් ආලෝකමත්වීම එහි විශේෂත්වයයි. ඊට අමතරව රියදුරන්ට අනතුරු ඇඟවීමේ සංඥාවක් ද නිකුත් කෙරේ.

    ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරයේ ස්ථාන 23ක සූර්යබල ලාම්පු 46ක් සවි කිරීමට නියමිතයි. වැය කෙරෙන මුදල රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක්.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 මාර්තු 2019 09:20

    Latest News