සමනල වැවෙන් උඩවලවට ජලය මුදාහැරේ

අගෝ 08, 2023

    සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශය වෙත ජලය මුදාහැරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

    අද (08) අලුයම 3.00 සිට පළමු වටයේ දින තුනක් සඳහා ජලය මුදාහරිම සිදුකළ බවයි, අප වාර්තාකරු පවසන්නේ. එම ජලය උඩවලව ජලාශයට ගලා යාමට පැය 8 ක පමණ කාලයක් ගතවනු ඇති බව ද අපේක්ෂා කරනවා.

    අක්කර අඩි 217,800ක සමස්ත ජල ධාරිතාවක් දැරිය හැකි උඩවලව ජලාශයේ සක්‍රීය ජල ධාරිතාවය ඊයේ (07) උදෑසන වන විට අක්කර අඩි 956 දක්වා පහළ බැස තිබුණි.

    එය ප්‍රතිශතයක් ලෙස ගත් කල ජලාශයේ සමස්ත ජල ධාරිතාවෙන් 0.45%ක අගයකි.

    සාමාන්‍ය තත්ත්වයක් යටතේ දිනක දී තත්ත්පරයට අක්කර අඩි 3,200ක ජල ධාරිතාවයක් ගොවිතැන් කටයුතු සඳහා මුදාහරින උඩවලව ජලාශයෙන් පෙරේදා (06) දිනයේ මුදාහැර තිබුණේ අක්කර අඩි 934ක ජල ධාරිතාවක් පමණයි.

    Latest News