ගිනි අවියක් සමඟ 02 ක් මාට්ටු

මාර් 26, 2019

    ගිනි අවියක්, ජීව පතුරොමක් සහ කිණිස්සක් සමඟ පුද්ගලයන් දෙදෙනකු අද (26) අත්අඩංගුවට ගෙන තිබේ.

    තුන්වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ විතාරන්දෙණිය කඳවුරේ නිළධාරින් සහ පොලිස් විශේෂ කාර්යය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරීහු විසින් මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත. 

    ගිනිඅවියක් රැගෙන පුද්ගලයින් දෙදෙනකු වීරකැටිය විතාරන්දෙණිය රොටේ මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරන බවට යුධ හමුදා කඳවුරේ කපිතාන්වරයෙකුට ලද තොරතුරකට අනුව යතුරුපැදිය කිලෝමීටර දහයක් පමණ හඹා ගොස් තලම්පෝරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ජාතික ආරක්ෂක බලමුළුවේ විතාරන්දෙණිය කඳවුරේ අණදෙන නිලධාරී කපිතාන් ඩබ්ලිව්. එස්.ජී ප්‍රනාන්දු, කෝප්‍රල් ගමගේ සහ පොලිස් විශේෂ කාර්යය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරීහු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම කර තිබේ.

    සැකකරුවන් තංගල්ල රැකව සහ අඟුණකොළපෑලැස්ස ගුරුවල ප්‍රදේශයේ පදිංචි පදිංචිකරුවන්වේ.

     

    Latest News