ඉහළ ඉල්ලුමක් සහිත මත්ස්‍යයින් මුහුදේ සහ ගොඩබිම වගාවට

මාර් 26, 2019

    ලෝකයේ ඉහළ ඉල්ලුමක් ඇති මත්ස්‍යයින් මුහුදේ සහ ගොඩබිම වගා කිරිමේ කේන්ද්‍රස්ථානය ශ්‍රීලංකාව බවට පත්කිරීමට උපරිම කැපවීමෙන් කටයුතු කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

    සාර්ක් කලාපිය ජලජිවි සමුළුවේ සමාරම්භක උත්සවයට එක් වෙමින් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මේ බව කියා සිටියේය. කොළඹ හිල්ටන් හෝටලේදි අද 26 දින ආරම්භ වූ කලාපීය ජලජිවි සමුළුව දෙදිනක් පැවැත්වේ. සාර්ක් කලාපිය රටවල ජලජිවි වගාව පිළිබද විශේෂඥන් එක්ව සිටි.

    මුහුදු මත්ස්‍ය වගාව ආරම්භ කිරීමට ජලජිවි වගා සංවර්ධන අධිකාරිය ක්‍රියා කරන බවත් එහි සාර්ථක ප්‍රතිඵල ඇතැයි ඔහු කියයි. මුහුදේ සහ ගොඩබිම මත්ස්‍ය වගාව සදහා දැනටමත් ආයෝජකයින් ඉදිරිපත්ව සිටි. ඊට කලාපිය රටවල සහාය අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි සදහන් කළේය .

    දිලිප් වෙදආරච්චි “දකුණු ආසියාතික කලාපයේ ජනතාවගේ මන්දපෝෂණය දුරලීමට අවශ්‍ය ප්‍රෝටීන ප්‍රමාණය ප්‍රධාන වශයෙන්ම සපුරා ගනු ලබන්නේ මත්ස්‍ය පරිභෝජනයෙන් බව අප හැම දන්නා කරුණකි. විශේෂයෙන්ම එම අවශ්‍යතාව කරදිය මත්ස්‍ය නිෂ්පාදනයෙන් සපුරා ගනු ලැබූවත් වැඩිවන ජනගහනයත් සමග කරදිය මත්ස්‍ය නිෂ්පාදනය නොයෙකුත් හේතුන් මත නිෂ්පාදනයේ සීඝ්‍ර වැඩි වීමක් සිදු නොවන බවත් එබැවින් වැඩිවන ජනගහණයට අවශ්‍ය ප්‍රෝටීන ප්‍රමානය නොලැබෙන බවත් සංඛ්‍යාලේඛන දත්ත මඟින් මේ වන විට සොයා ගෙන ඇති බව ප්‍රකාශ වී තිබෙනවා. එම මත්ස්‍ය පරිභෝජන අවශ්‍යතාවය සපුරා ගැනිම සදහා අද ලෝකයේ බොහෝ රටවල් ජලජීවි වගා කර්මාන්තය වෙත යොමු වී සිටි. දකුණු ආසියාතික කලාපයේ ජලජීවි වගා කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට මෙන්ම කලාපිය රටවල් අතර අනෝන්‍ය සුහදතාවය වැඩි දියුනු කරගැනීමට හොද අවස්ථාවක් කරගැනීමට හැකි වන බව මා විශ්වාස කරනවා.

    ජලජීවි වගාවට සුදුසු මත්ස්‍ය ප්‍රභේද කලාපීය රටවල් අතර හුවමාරු කරගැනීමට  සහ නව ආයෝජකයන් මෙම වගාව කෙරෙහි යොමු කරවා ගැනීමට හැකි වේයැයි මාගේ විශ්වාසයයි. ජලජීවි වගා කර්මාන්තය ව්‍යාප්ත කිරීමට උචිත ජල ප්‍රභවයක් පවතින ප්‍රදේශ අප විසින් හදුනා ගෙන තිබෙනවා. එම ප්‍රදේශ වල ජනතාව මෙම වගාවන්ට යොමු කිරීමේ කටයුතු සිදු කරමින් පවතිනවා. ශ්‍රි ලංකාවේ මුහුදු මත්ස්‍ය වගාවන් උතුරු, නැගෙනහිර මෙන්ම දකුණු පළාත් මුහුදු තීරය කේන්ද්‍ර කර ඉතා සාර්ථකව සිදු කල හැකි බව දේශීය- විදේශීය උපදේශකවරුන් මේ වන විට සොයාගෙන තියෙනවා. විශාල විදේශ වෙළෙදපොලක් ඇති මොදා වැනි මුහුදු මත්ස්‍යින්ය  වගාව කිරිමට යොමු වී තිබෙනවා. ජලජීවි ව්‍යාපෘති ආරම්භ කිරීමට කැමැත්තක් දක්වන කලාපීය ආයෝජකයන්ට රජය වෙනුවෙන් ආරාධනා කරන්නනේ යැයි“ ඔහු තවදුරටත් කියා සිටියේය. 

     seafish1 px 900 19 03 26

     

     

     

     

     

    Latest News