ණය ප්‍රශස්තකරන වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුව හැර වෙන උපදෙස් පිළිපැදීමට සූදානම් නැති බව ජනපති කියයි

අගෝ 04, 2023

    රාජ්‍ය මූල්‍ය පාලනය අයත් වන්නේ, පාර්ලිමේන්තුවට බවත්, ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙ‍ළේ දි පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැති බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

    පැරණි දේශපාලනයේ නිරතව යළි‍ මේ රට අරාජිත කිරීමට තමා ඉඩ නොදෙන බව පවසන ජනාධිපතිවරයා දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට බාර ගත් වගකීම ඒ අයුරින්ම ඉටු කරන බව, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති පොල් වගාකරුවන්ගේ සංගමයේ 29 වැනි වාර්ෂික හමුව අමතමින් ප්‍රකාශ කළා.

    Latest News