සීතාවක ඔඩිසි දැන් සොනසුරාදාටත්

අගෝ 02, 2023

    කොළඹ සිට සීතාවක උද්භිධ උද්‍යානය දක්වා තවත් දුම්රියක් ධාවනයට එක් කිරීමට නියමිතයි.

    එය ලබන සෙනසුරාදා (05) සිට ක්‍රියාත්මක බවයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ.

    සීතාවක උද්භිධ උද්‍යාන ශ්‍රවණාගාරයේ ඊයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

    කොළඹ නගරය සහ අවට ප්‍රදේශවල ජනතාවට සීතාවක ප්‍රදේශයේ අඩු වියදම් සහිත සති අන්තයක් ගත කිරීමට අවස්ථාව සලසා දීම මෙහි අරමුණයි.

    දෙස්-විදෙස් සංචාරකයින්ට වග දුම්රිය ස්ථානය දක්වා ගොස් එතැන් නිට බස්රථ මගින් කලටුවාව, ලබුගම ජලාශ, සුද්ර ස්ථාන සහ සීතාවක උද්භිධ උද්‍යානය නැරඹීමේ පහසුකම් හිමි වනවා.

    මේ වන විටත් ඉරිදා දිනවල සීතාවක ඔඩිසි දුම්රියක් ධාවනය කෙරෙන අතර, සංචාරකයින්ගෙන් ඊට විශාල ඉල්ලුමක් පැවතීම නිසා නව දුම්රිය එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    Latest News